24 December, 2014
එළඹෙන ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා සියල්ල අද (24) දිනයේදී සම්පූර්ණයෙන් මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සියයට 95 කින් පමණ අවසන් කර ඇති බවයි.
දැනට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා පමණක් මුද්‍රණය කිරීම අවසන් කර නොමැති බව වාර්තාවන අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැටපන් ලක්ෂයක් මුද්‍රණය කරනු ලබන බවයි වාර්තාවන්නේ.