Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද මධ්‍යස්ථානයන්හි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 12200 ක්

24 December, 2014

ජනාධිපතිවරණයේ ඡන්දය විමසන ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් නිලධාරීන් 12252 දෙනෙකු යෙදවීමට තීරණයකොට ඇති බව වාර්තාවේ.

ටී 56 ගිනි අවිද අතැතිව එම නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇති වාර්තාවන අතර ඡන්ද මධ්‍යස්ථාන 4 ක් ආවරණය වන පරිදි පොලිස් ජංගම රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ 2885 ක් යෙදවීමට නියමිත බව පැවසෙන අතර එම පොලිස් රථයකට පොලිස් පරීක්ෂකවරයෙකු හා සෙසු නිලධාරීන් තිදෙනෙකු යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තාවන්නෙ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks