24 December, 2014
ජනාධිපතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය භාවිත කිරීමට යාම වෙනුවෙන් දුර ප්‍රමාණය අනුව එක් දිනක් හෝ දින දෙකක් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා සිදුකල සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹී ඇති අතර ඊට අදාල චක්‍රෙල්ඛය නිකුත් කරන ලෙසද මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.
ඡන්දය භාවිත කිරීමට දුර බැහැර ප්‍රදේශවලට යාමට පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු ලබාදීම සම්බන්ධ යෝජනාවක් සකස්කර ඉදිරිපත් කරන ලෙසද මානව හිමිකම් කොමිසම මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇති බවයි පැවසෙන්නේ.