Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද පත්‍රිකා බෙදීමට ගංවතුරෙන් බාධා

26 December, 2014

ගංවතුර තර්ජනය පවතින ප්‍රදේශ වල පදිංචිකරුවන්ට නිල ඡන්ද පත්‍රිකා බෙදීම ගැටළුවක් වී ඇති බව තැපැල් සේවකයින් සදහන් කරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව,නවගත්තේගම,වනාතවිල්ලුව සහ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පවුල් 4731 ක් ගංවතුර හේතුවෙන් මේ වන විට අවතැන්වී ඇත.
 
මෙම ප්‍රදේශ වල ගංවතුර තත්ත්වය තවමත් පහවී නොමැති අතර,ගමනා ගමන කටයුතුද අඩාවලව පවතී.එවන් වාතාවරණයක් යටතේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් ඇති බව තැපැල් සේවකයින් සදහන් කරති.නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු දෙසැම්බර් මස 31 වැනිදා වන විට අවසන් කළ යුතු බවට මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් තැපැල් දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

පවතින තත්ත්වය අනුව නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ගැටළුවක් වී ඇති බව පෙනී යන හෙයින් නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ දිනය වෙනස් කළ යුතුව ඇතැයි තැපැල් සේවකයින්ගේ අදහස වී ඇත.

මේ අතර නාඋල ප්‍රදේශයේ තැපැල් කාර්යාලවල බෙදීමට නොහැකිව නිල ඡන්ද පත්‍රිකා 5096 ක් ගොඩගැනී තිබෙන බව වාර්තාවේ. අඹන් ගඟ පිටාර ගැලීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති අතර කෝන්ගහවෙල, තලාගොඩ හා අඹන යන තැපැල් කාර්යාලවල මෙසේ ඡන්ද පත්‍රිකා ගොඩගැසී තිබෙන බවයි වාර්තාවන්නේ.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හරින සමයේ රජයේ නිවාඩු දිනවලදීද එම කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවර නත්තල් සමයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා නොහරින ලෙස තැපැල්පතිවරයා විසින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් වෙත දන්වා ඇත.   
 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks