26 December, 2014
ජනාධිපතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අද (26) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසූයේ එම පිරිස අතර ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පස්දෙනෙකුද වන බවයි.