Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දයට සේවකයින්ට නිවාඩු නොදුන්නොත් සේවායෝජකයින්ට නඩු

27 December, 2014

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමට අමතරව වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලබානොදෙන සේවායෝජකයන් හට ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත අනුව නීති මගින් දඬුවම් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස්තුමා පවසයි.

සෑම සේවකයෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබාදෙනු ලබන නිවාඩු කාලසීමාව එම සේවකයාගේ සේවාස්ථානයේ සිට ඡන්ද පොල දක්වා ඇති දුර ප්‍රමාණය මත සේවා යෝජකයා නිගමනය කල යුතු බවත් ඡන්ද හිමිකම් ඇති සේවකයෙකු විසින් ලියවිල්ලකින් කරන ඉල්ලීමක් අනුව පෞද්ගලික ඡන්දය දීමට හැකිවන සේ පැය 4 කට නොඅඩු කාලයක් වැටුප් අඩු නොවන පරිදි ලියවිල්ලකින් නිවාඩු ලබාදිය යුතු බවත් නිවාඩු ලබාදෙනු ලැබූ කාලසීමාව සේවාස්ථානයෙහි ප්‍රදර්ශනය කල යුතු බවත් අදාල පනතෙහි දැක්වේ.

මෙයට පෙර පැවති ඡන්ද විමසීම්වලදී නීතිය අනුව නිවාඩු ලබාගැනීමට යාමේදී සේවකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ජනාධිපතිවරණයේදී නීත්‍යානුකූල නිවාඩු ලබාදෙන්නැයි මැතිවරණ කොමසාරිස්තුමා රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයෙන්ම ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා තෝරාපත්නරගැනීම පිළිබඳ පනතෙහි දැක්වෙන්නේ නියමිත නිවාඩු ලබාදීම පැහැර හරින්නෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකදී වරදකරුවෙකු කරනු ලැබූ විට රුපියල් 500 නොඉක්මවන දඩයකට හෝ මාසයක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීම යන දඬුවම් දෙකටම යටත්විය යුතු බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks