28 December, 2014
ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන මස (ජනවාරි) 03 වනදා දක්වා සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් එම කල් ලබාදීම සිදුකර ඇති බවයි.
පසුගිය 22 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කල අතර ලබන 31 වනදායින් එය අවසන් කිරීමට නියමිතව තිබුණි.
පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් බෙදාහැර ඇත්තේ සියයට 60 ක පමණ නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් බවයි වාර්තාවන්නේ. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද දිනයද විශේෂ දිනයක් ලෙස සලකා ඡන්ද පත්‍රිකා බෙදාහැර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ.