Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණය කල්දාන්නේ නැහැ

29 December, 2014

දැනට පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයෙහි වෙනසක් කිරීමට තීරණය කර නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්තුමා පෙන්වාදෙන්නේ ජනපතිවරණය සඳහා තරඟ වැද සිටින කිසිදු අපේක්ෂකයෙකු, අපේක්ෂකයෙකුගේ ඡන්ද නියෝජිතයෙකු හෝ නීතිඥයෙකු හෝ එසේ ජනාධිපතිවරණය කල්දමන ලෙසට ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.
 
කෙසේ වෙතත් පසුගියදා අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ නිරීක්ෂන කමිටුවේ නිත්‍ය නියෝජිතයින් හා නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේදී දැනට පවතින කාලගුණික තත්ත්වය මත තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යය හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීමට අමතර කාලයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකල බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks