29 December, 2014
එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 897349 දෙනෙකු සුදුසකම් ලබාසිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පැවසීය.
ඒ අනුව පානදුර ආසනයේ ඡන්ද කොට්ඨාශ 64 ක 114828 ක්ද, බණ්ඩාරගම ආසනයේ ඡන්ද කොට්ඨාශ 72 ක 133887 ක්ද හොරණ ආසනයේ ඡන්ද කොට්ඨෘශ 65 ක 122511 ක්ද බුලත්සිංහල ආසනයේ ඡන්ද කොට්ඨාශ 57 ක 82123 ක්ද මතුගම ආසනයේ ඡන්ද කොට්ඨාශ 61 ක 108996 ක්ද කළුතර ආසනයේ ඡන්ද කොට්ඨාශ 65 ක 117931 ක්ද බේරුවල ආසනයේ ඡන්ද කොට්ඨාශ 66 ක 1170033 ක්ද අගලවත්ත ආසනයේ ඡන්ද කොට්ඨාශ 90 ක 100040 ක්ද වශයෙන් ඡන්දදායකයින් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.
කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාව බණ්ඩාරගම ආසනයෙන් වාර්තාවන අතර අඩුම ඡන්දදායයින් සංඛ්‍යාව වාර්තාවන්නේ බුලත්සිංහල ආසනයෙනි.