Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් අදත් බාරදිය හැකියි

29 December, 2014

ගංවතුර ආපදා හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් ආපසු බාරදීමට නොහැකිවූ නිලධාරීන් හට ඒවා අද දිනයේදී යළිත් බාරදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද දිනයේදී දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාල වෙත බාරදිය හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසා ඇත්තේ.
 
පසුගිය 23 හා 24 දෙදින ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකෙරුණු අතර පසුගිය 26 වනදා මැතිවරණ කොමසාරිස්තුමාගේ විශේෂ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී තිබුණි.

මේ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රජයේ සේවකයින් හට හෙට (30) දිනයේදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් සිය තැපැල් ඡන්දය භාවිත කල හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks