30 December, 2014
ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්දදායකයින් හට අද (30) දිනයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිය තැපැල් ඡන්දය භාවිත කල හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම පසුගිය 23 හා 24 දෙදින පැවැත්වුණු අතර එම දිනයන්හීදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හටයි මෙලෙස අද දිනයේදී ඡන්දය භාවිත කිරීමට ලබාදී ඇත්තේ.
ඒ අනුව අද දිනයේ පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා කාලයේදී එම ඡන්දදායකයින් හට සිය තැපැල් ඡන්දය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී භාවිත කිරීමට අවස්ථාව සලසාදී ඇත.