Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කිසිදු දූෂණයකට ඉඩක් නැහැ - මැතිවරණ කොමසාරිස්තුමා පවසයි

31 December, 2014

කිසිදු ඡන්දදායකයෙකුට පවතින කාලගුණික තත්ත්වය  හේතුවෙන් සිය ඡන්ද අයිතිය අහිමිවීමට ඉඩ නොතබන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්තුමා පවසා සිටියේ අයහපත් කාලගුණයෙන් පීඩාවිඳින සියලුදෙනාට පහසුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන බවයි.

ගංවතුර උවදුරින් හා නායයෑම්වලින් අපහසුතාවයට පත්ව සිටින ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය  පියවරයන් ගැනීමට අදාලව මේ වන විටත් සාකච්ඡා කර ඇති බවයි දේශප්‍රිය මහතා පවසා සිටියේ.

මැතිවරණ කොමසාරිස්තුමා එම මාධ්‍යය හමුවේදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ අයහපත් කාලගුණික තත්ත්වය පවතින ප්‍රදේශවල මැතිවරණයට අදාල කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් අදාල දිස්ත්‍රික්ක ලේකම්වරුන් සමග ලබන 4 වනදා මහනුවරදී සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම ආපදා තත්ත්වයන් හේතුවෙන් යම් ඡන්දදායකයෙකුගේ ජාතික හැඳුනුම්පත් අස්ථානගතව ඇත්නම් ඔවුන්ට කඩිනමින් ජාතික හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රවාහන කටයුතු සඳහා නාවික හා ගුවන් හමුදාවන්හි සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදුන්නේය.

දේශප්‍රිය මහතා එම මාධ්‍යය හමුවේදී අවධාරණය කොට සඳහන් කර සිටියේ ඉතා ශක්තිමත් මැතිවරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ඉතා කැපවීමෙන් අවංකව කටයුතු කරන බවත් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවේ සිට ප්‍රතිඵලය නිකුත් කරන තෙක් ක්‍රියාවලිය තුළ කිසිදු ආකාරයකට දූෂිත ක්‍රියාවක් සිදුවීමට කිසිදු ඉඩකඩක් නොමැති බවත්ය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks