31 December, 2014
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව මේ වන විට පළාත් පාලන ආයතන සභාපතිවරුන් 5 දෙනෙකු ඇතුළුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ තමන්ට මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාල පැමිණිලි 180 ක් පමණ ලැබී ඇති බවයි.
එමෙන්ම එම පැමිණිලිවලට අදාලව පුද්ගලයින් 100 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.