01 January, 2015
ආනමඩුව නගරයේ පැවති දේශපාලන රැළියක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ආනමඩුව පොලීසිය කියයි.
පසුගිය 31 වැනිදා රාත්‍රීයේ ආණමඩුව නගරයේ පිහිරි පිහිටි ඔරලෝසු කණුව ආසලදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති එක් අයෙකු ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් දෙදෙනෙකු සුළු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
රෝහල් ගත කර ඇත්තේ ආණමඩුව - තම්මැන්නාවැටිය පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ සුමිත් ශාන්ත රාජකරුණා නම් අයෙකි.ආඩිගම - තාමරක්කුලමේ පදිංචි විජයරත්න හේරත් මුදියන්සේලාගේ සුමේධ සංජීව ගුණවර්ධන සහ ආණමඩුව, තම්මැන්නාවැටිය - ගල්කුලම පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ චින්තක නිරෝෂන් යන අය පහර කෑමට ලක්වූ සෙසු අයවළුන් බව පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු හදුනා ගෙන ඇති ඇති අතර එක් අයෙකු පැමිණිලිකරුවන් විසින් හදුනා ගෙන නැත.සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.
ආනමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.