01 January, 2015
එළඹෙන ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමට තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.
අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ ඒ අනුව ජනවාරි මස 3 වනදා තැපැල් ඡන්දය මෙතෙක් භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් හට තැපැල් ඡන්දය භාවිත කල හැකි බවයි.
පසුගිය දෙසැම්බර් මස 23 හා 24 දෙදින මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් වන තැපැල් ඡන්ද විමසීම පැවැත්වුණු අතර පොලිස් නිලධාරීන් සඳහා දෙසැම්බර් 26 දිනද තැපැල් ඡන්දය භාවිත කිරීම නොහැකිවූ ඡන්ද දායකයින් වෙනුවෙන් දෙසැම්බර් 30 වන දිනද ඒ සඳහා අවස්ථාව සලසාදී තිබුණි.