02 January, 2015
එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිතයට ගැනීමට නියමිත ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකාවක් ඡන්ද ප්‍රචාරක රැස්වීමකදී බෙදාහැර ඇති බව වාර්තාවේ.
පැෆ්රල් සංවිධානය ඒ පිළිබඳව මේ වන විට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිලි කර ඇති අතර බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා විසින් මෙම පත්‍රිකාව සිය ආධාරකරුවන් වෙත බෙදාහැර ඇති බවයි වාර්තාවන්නේ.
පැෆ්රල් සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාද දැනුවත් කර ඇත.