Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනපතිවරණයට අදාල පැෆ්රල් දෙවන අතුරු වාර්තාව නිකුත් කෙරේ

01 January, 2015

පැෆ්රල් සංවිධානය විසින් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වන ලද දෙවන මාධ්‍යය හමුවට අද (01) පැවැත්වින.

කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ එම මාධ්‍යය හමුවේදී නිකුත් කල දෙවන අතුරු වාර්තාව 2014 දෙසැම්බර් මස 30 වනදා දක්වා වාර්තාවී ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පසුබිම් කරගෙන සකස් කර ඇති අතර රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ මැතිවරණ ක්‍රියාවලිය සඳහා භාවිත කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අතර ඉහළින්ම පවතින බවට එමගින් පෙන්වාදී ඇත.

එමෙන්ම වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති අතර අඩුම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ උතුරු පළාතෙනි.

දෙවන අතුරු වාර්තාව නිකුත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍යය හමුව සඳහා පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් පැමිණිලි අංශ ප්‍රධානී ඉසුරු කරවිට මහත්වරුන් සමග විදේශීය නිරීක්ෂකයින් කිහිපදෙනෙකුද සම්බන්ධ විය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks