03 January, 2015
මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් හට අද (03) දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදී ඇත.
මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙන්නේ ඒ අනුව තමන්ට අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිය තැපැල් ඡන්දය භාවිත කල හැකි බවයි.
මේ වන විට ලියාපදිංචි තැපැල් ඡන්දදායකයින්ගෙන් සියයට 85 ක් පමණ තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවට වාර්තාවන අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් නිල තැපැල් ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය දෙසැම්බර් 23 හා 24 යන දෙදිනයි.