03 January, 2015
ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ (02) දක්වා කාලසීමාව තුළදී පුද්ගලයින් ලක්ෂ දෙකකට ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ආර්.එම්.එස් සරත් කුමාර මහතා පවසා ඇත්තේ පසුගිය 15 වනදාට ප්‍රථම ඉල්ලුම් කල අයදුම්පත් වෙනුවෙන් අද දිනය වන විට හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බවයි.