Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ප්‍රචාරක කටයුතු සඳුදා මැදියමෙන් අවසන්

03 January, 2015

මෙවර ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක වැඩකටයුතු ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන බ්‍රහස්පතින්දා (08) පැවැත්වෙන අතර පැය 48 ක නිහඬ කාලයක් තුළදී ඡන්දදායකයින්ට තමන් ලද සියලු තොරතුරු පිළිබඳව අවධානය යොමුකොට තීරණයක් ගැනීම සුදුසු බවයි මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ.

මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ප්‍රචාරක කටයුතු අවසන්වීමෙන් පසු කාලසීමාව තුළ කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක දේශපාලවන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමක් ප්‍රවර්ධනය වන ආකාරයේ හෝ අගතියට පත්වන ආකාරයේ කිසිදු ප්‍රචාරක කටයුත්තක් නොකල යුතු බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks