Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැහැ - මැතිවරණ කොමසාරිස්

04 January, 2015

ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

අද (04) ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ ජනපතිවරණ දිනයේ කලබල ඇතිවේ යැයි ඡන්දදායකයින් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.

එදින හා ඉන්පසුව සියලු ආරක්ෂක කටයුතු පොලීසිය විසින් සිදුකරන බවත් බියෙන් සැකයෙන් තොරව ඡන්දදායකයින්ට සිය ඡන්ද මධ්‍යස්ථාන කරා ගොස් ඡන්දය භාවිත කල හැකි බවයි මැතිවරණ කොමසාරිස්වරයා දක්වා ඇත්තේ.

එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ  ජනාධිපතිවරණ පනතේ විධිවිධාන අනුව තමා විසින් අවසර ලබාදී ඇති පුද්ගලයින් හැරෙන්නට අනවසරයෙන් පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks