Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපැල් ඡන්දයට තවත් අවස්ථාවක්

05 January, 2015

තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රාජ්‍ය නිලධාරීන් හට තවත් අමතර පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පෙන්වාදී ඇත්තේ ඒ අනුව ලබන අඟහරුවාදා පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වූ කාලය ඒ සඳහා වෙන්කර ඇති බවයි.
 
ඒ අනුව තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට හෙට (06) දිනයේදී අදාල දිස්ත්‍රික්කයන්හි මැතිවරණ ලේකම් කාර්යාලවලදී සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදී ඇත්තේ.

මෙවර ජනාධිපතිවරණය  ලබන බ්‍රහස්පතින්දා (08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර අද මධ්‍යම රාත්‍රියෙන් ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට නියමිතය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks