Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය සූදානම්

05 January, 2015

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට මාර්ගගත දායකයින් 20 දෙනෙකු වෙත නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යය වාර්තාකර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා එම වැඩපිළිවෙල බාරව සිටන අතර ලබන  බදාදා (07) දිනයේ සිට සියලුම පරිගණක හා විද්‍යුත් උපකරණ එහි සවිකිරීමට කටයුතු කරන බවත් එලෙස ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ලියාපදිංචි මාර්ගගත දායකයින් 20 දෙනෙකුට බවයි වාර්තාවන්නේ.

සෑම මැතිවරණ ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ අත්සනින් එසැනින් නිකුත් කරන බව මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා මාධ්‍යය වෙත පවසා ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks