Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැර බලයට අපි හිස නමන්නේ නැහැ - මැතිවරණ කොමසාරිස්

05 January, 2015

කිසිවිටෙකත් තමන් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මැර බලයට හිස නොනමන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (05) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පැවසීය. එහිදී මැතිවරණ කොමසාරිස්වරයා මෙසේද පැවසීය.

අපි ඕනෑම දේශපාලන මැරයෙකුට කියන්න සූදානම් අපේ නිලධාරීන්ට තර්ජනය කිරීමෙන් බැනවැදීමෙන් පහරදීමට උත්සාහ කිරීමෙන් අපේ නිලධාරීන් ශක්තිමත් වෙනවා මිසක් අපේ නිලධාරීනස් බියගැන්වීමට නොහැකි බව.

නීතිය ක්‍රියාත්මක කරන්න යන අයට තමන් මැරවරයින්ය කියා ඔලුව උදුම්මාගත් පිරිස් තමන්ට දේශපාලන බලය තිබෙනවා කියලා හයිය තියෙනවා කියලා හිතන පිරිස් හිතනවා පහරදීලා මේවා කරන්න පුළුවන් කියලා.

මේක හැම ඡන්ද විමසීමකදීම වෙනවා. එදත් වුණා, අදත් වෙනවා, හෙටත් වෙනවා. 

මොකද හේතුව ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහූ නිසා. බොහෝ දෙනෙක් කියන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පණ්ඩිතයෝ වාගේ ඕනෑ නැති වැඩකරන්න යනවා ඒක හින්දා කනවා කියලා, ඉල්ලන් කනවා කියලා. 

ඉල්ලන් කන්න හරි කවුරු හරි ගියොත් තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි ඉල්ලන් කෑවාත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks