Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

වතුකරයේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදූ අයෙක් අත්අඩංගුවට

05 January, 2015

2015 ජනාධිපති මැතිවරණය සඳහා ඇතැම් අපේක්‍ෂයන්ගේ නම් ඉදිරියෙන් ඡන්ද ලකුණ වෙනස්කර වතුකරය පුරා ඛෙදාහරිමින් සිටි ඡන්ද සලකුණු හදුනාගැනීමේ ව්‍යාජ ආදර්ශ පත්‍රිකා තොගයක් සමඟ සැකකරුවෙකු අද (05) පස්වරුවේ නුවරඑළිය මැතිවරණ කාර්යාලයේ නිළධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

වතුකරය පුරා මෙම ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්‍රිකාව ඛෙදාහරින බවට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබුණු පැමිණිල්ලක් මත මෙම නිළධාරීන් විසින් නෝර්වුඩ් නගරයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටි කුලීපදනම යටතේ ලංකා කම්කරු කොංග්‍රසයේ වාහනයක් මත තිබී මෙම පත්‍රිකා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

නෝර්වුඩ් නගරයේ එම වාහනය තුළ තිබී මෙම පත්‍රිකා පන්සියයක් (500) සමඟ එම වෑන් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන පරීක්‍ෂණ කිරීම සඳහා නෝර්වුඩ් පොලීසියට භාරදී තිඛෙනවා. මෙම ව්‍යාජ ආදර්ශ ඡන්ද ලකුණු හදුනාගැනීමේ පත්‍රයේ එක් ප්‍රධාන අපේක්‍ෂකයෙකුගේ ලකුණ නිසියාකාරව සලකුණු කර ඇති අතර තවත් එක් ප්‍රධාන අපේක්‍ෂකයෙකුගේඡන්ද සලකුණ සම්පූර්ණයෙන්ම වෙනස්කර තිඛෙනවා. වතුකරයේ ඡන්දදායකයන් නොමග යැවීමේ අරමුණින් මෙම ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්‍රිකාව බෙදාහැර ඇති බවයි මැතිවරණ නිරීක්‍ෂණ නිළධාරීන් පවසන්නේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks