Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ නිරීක්ෂණයට පැෆරල් නිලධාරීන් 4500ක්

21 September, 2013

යම් අපේක්ෂකයකු ඡන්දය භාවිත කර ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටව යන තෙක් ඔහුත් සමග කණ්ඩායම් ගැසී නිකරුණේ කාලය ගත කරමින් ඡන්දදායකයන්ට වක්‍රාකාරව හෝ බලපෑම් කිරීම සපුරා තහනම් බවද ‍පොලිසිය පවසයි.

එසේම ඡන්ද භාවිතය අවසන් වූ වහාම පෙළපාළි යමින් ජනතාවට අවහිර වන සේ කටයුතු නොකරන ලෙසද ‍පොලිසිය අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.යම් අයකු ඡන්දදායකයකුට බලපෑම් කරයි නම් වහාම ඒ අනුව ස්ථානගත නිරීක්ෂකයින් 3500ක් ජංගම නිරීක්ෂකයන් 750ක්, ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස මට්ටමේ නිරීක්ෂකයින් 116ක් හා ජාත්‍යන්තර නිරීක්ෂකයන් 8 දෙනකු නිරීක්ෂණ කටයුතුවල යෙදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ස්ථානගත සහ ජංගම නිරීක්ෂකයින් හැරුණු කෙට අනෙක් නිරීක්ෂකයින් මේ වන විටත් මැතිවරණ කටයුතුවල නියැළී සිටන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයන් ලක්ෂ හතළිස් තුනක ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතය. එසේම පැෆරල් සංවිධානය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වශයෙන් පැමිණිලි මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇති බවද උතුරේ විශේෂ පැමිණිලි ඒකකය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද පැෆරල් සංවිධානය පවසයි.

නාමයෝජනා භාර දුන් දිනයේ සිට 18 වැනිදා දක්වා සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා 117ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු 163ක්ද වාර්තා වී ඇති බව එම සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.මැතිවරණය පැවැත්වෙන ඉදිරි දින තුළ කිසිදු අල්ලස් ලබාදීමක්, මානසික අල්ලස් දීමක් සංග්‍රහ කිරීම යනාදිය නොවීමට වගබලා ගන්නා බවත් එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධව ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත් කිසිදු අයුරකින් ප්‍රතිඵල වෙනස් කිරීමක් සිදු නොවන බවත් ඔහු අවධාරණය කළේය.

 

සමිබන්ධකය මෙතනින් -  www.rivira.lk/edition/article/52714-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B7%86%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-4500%E0%B6%9A%E0%B7%8A.html

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks