Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ආගමික කටයුතු හෝ සංගීත ප්‍රසංග මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු බෑ

06 January, 2015

සංගීත ප්‍රසංග හෝ ආගමික කටයුතු මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කල නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසූයේ මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත්කොට අවසන් වන තෙක් සංගීත ප්‍රසංග පැවැත්වීමට ඉඩ ලබා නොදෙන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන බවයි.

එමෙන්ම කිසියම් පක්ෂයක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය සඳහා ඉඩ නොදෙන ලෙසටද මැතිවරණ කොමසාරිස්වරයා පූජ්‍ය පුජක තුමන්ලාගෙන් ඉල්ලා ඇති අතර උන්වහන්සේලා ඊට ඉඩ ලබානොදෙනු ඇති බවට විශ්වාස කරන බවයි මැතිවරණ කොමසාරිස්තුමා සඳහන්කොට ඇත්තේ.

ඊයේ කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ අද (06) හා (07) යන නිහඬ කාලයක් වශයෙන් සලකා අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ සාකච්ඡාවක්, චිත්‍රපටයක්, දැන්වීමක් හෝ කාටූනයක් පලනොකරන ලෙසට මාධ්‍යය වෙතද දන්වා සිටින බවයි.

ඡන්දය ඡන්දදායකයාගේ අයිතිය බවත් ඡන්ද විමසීම සිදුකරන 08 වන දින උදෑසනම ඡන්දපොලට ගොස් ඡන්දය භාවිත කරන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැවසීය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks