Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවෙන්න - කතෝලික රදගුරුවරුන් ඉල්ලති

06 January, 2015

නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය හා පූර්ණ විනිවිදභාවය යන ප්‍රතිපත්තීන් පවත්වාගෙන යන ලෙසට මැතිවරණයට අදාල සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.


මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන් 9 දෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකින් මෙම ඉල්ලීම සිදුකර ඇත. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

2015 ජනවාරි මස 08 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බව නිළ වශයෙන් නිවේදනය කර ඇත. ජනාධිපතිවරණය ආසන්න වෙත්ම මුළු මහත් ජාතිය ලෙස මුහුණ දෙන ප්‍රධාන කාරණා කෙරෙහි අවධානය යොමු කොට ඒ සඳහා අවංක දේශපාලනමය කැපවීමකින් හා අධිෂ්ඨානයකින් යුතුව කඩිනම් විසඳුම් සෙවීම අවශ්‍ය බව පෙනී යයි. ඒ හේතුවෙන් සෑම මට්‌ටමකින්ම පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිටුදැකිය යුතුය. දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් වෙත මඩ ගැසීම වෙනුවට විද්වත් කථිකාවක්‌ තුළින් තම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. ශුද්ධෝත්තම පියතුමාගේ සංචාරය ජනාධිපතිවරණය අවසානයත් සමඟ සිදුවීමට නියමිතව ඇති පසුබිමක්‌ තුළ වගකිවයුතු පාර්ශ්වයන් වෙත අපගේ ආයාචනය වන්නේ ශුද්ධෝත්තම පියාණන්ගේ සංචාරය හා ඊට සමගාමීව සැලසුම් කර ඇති අධ්‍යාත්මික වැඩසටහන් සඳහා බාධාවකින් තොර සාමකාමී වාතාවරණයක්‌ උදාකර දීම සහතික කරන ලෙසයි. ශුද්ධෝත්තම පියාණන්ගේ සංචාරය කිසිඳු අයුරකින් දේශපාලනීකරණය කිරීමෙන් වැළකෙන ලෙසද ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගෙන් අපි දැඩි අවධාණයෙන් යුතුව ඉල්ලා සිටිමු.

නිදහස්‌ හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය හා පූර්ණ විනිවිද භාවය යන ප්‍රතිපත්තීන් පවත්වා ගෙන යන ලෙසට මැතිවරණයට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලා සිටියි. නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා රට මුහුණ දෙන අර්බුද හමුවේ ප්‍රතිපත්තිමය කාරනා මත විවිධ මත හා අදහස්‌ දැරීමට හැකි නිදහස්‌ වාතාවරණයක්‌ පැවතීම අතිශයින් අවශ්‍යය. තේරී පත්වන කවරෙකු වුවද ඉදිරි කාලය තුළ මේ රටේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන නෛතික වෙනස්‌කම් සිදුකරන බවට සහතික විය යුතුය. දේශයේ සියලු පුරවැසියන්ට සමානාත්මතාවයෙන් හා අභිමානයෙන් ජීවත් විය හැකි වන ලෙසට සාමය හා සංහිඳියාව රට තුළ ඇති කිරීම කෙරෙහි දැඩි කැපවීමක්‌ද තේරී පත්වන්නාගෙන් අපි අපේක්‍ෂා කරමු. 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks