Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට කටයුතු කරන්න - මහා නාහිමිවරු පවසති

06 January, 2015

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලා සිටිති. සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය නාහිමිවරුන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති නිවේදනයකින් මෙසේ ඉල්ලා ඇත.

උන්වහන්සේලා නිකුත් කර ඇති නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමේදී පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් වැලකී සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම තමන්වහන්සේලා ඉදිරිපත් කරන නිවේදනය අතීතයේ පටන් මහා සංඝරත්නය වෙත පැවරී ඇති පරිදි රටේ ජනතාව යහපත් දැහැමි පිරිසක් ලෙස සමගියෙන් සමාදානයෙන් සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය ලබාදීමේ එකම අභිලාෂයෙන් ඉදිරිපත් කරනු ලබන බවද උන්වහන්සේලා සඳහන්කොට ඇත.








 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks