07 January, 2015
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් සිදුකෙරෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සහ නිලධාරීන් පිටත්කර හැරීම අද (07) ආරම්භවිය.
දිස්ත්‍රික්ක 25 තුළ පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 45 කදී මෙම කටයුතු ආරම්භ කෙරුණු අතර කච්චේරිවල පිහිටුවා ඇති සුරක්ෂිතාගාරවල තැන්පත් කර ඇති ඡන්ද පත්‍රිකාද ඡන්ද මධ්‍යස්ථාන වෙත අද පෙරවරුවේදී රැගෙනයාමට නියමිතය.
මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ අද මධ්‍යහ්න 12 ට පෙර ඡන්ද ස්ථානාධිපතිවරුන්ට ඡන්ද පෙට්ටි බෙදාදීම සහ බඩු බාහිරාදිය බෙදාදීමත් පත්වීම් ලිපි ලබාදීමත් සිදුකොට පිටත්කර හැරීමට කටයුතු කරන බවයි.