07 January, 2015
පසුගියදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතකොට සිටි පුද්ගලයා අද (07) මියගොස් ඇති බව වාර්තාවේ.
දේශපාලන රැස්වීමක් වෙනුවෙන් සැරසිලි සිදුකරමින් සිටියදී ඔහු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබූ අතර පසුව රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
එම වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විටත් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.