Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එස්.ටී.එෆ් ආරක්ෂාව

08 January, 2015

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරනු ලබන මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරදී ඇති බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා ඇත්තේ ඒ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1412 ක ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4529 දෙනෙකු යොදවා ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ මැතිවරණ දූෂණයක් කඩාකප්පල්කාරී ක්‍රියාවක්, මැතිවරණ විරෝධී ක්‍රියාවක් සිදුවෙමින් තිබේ නම් වහාම ඒ පිළිබඳව 0112391301 යන අංකය හරහා තමන් වෙත දැනුම්දෙන ලෙසයි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks