09 January, 2015
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය සුබපැතුම් එක්කොට ඇති බව වාර්තාවේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩය මගින් දක්වා ඇත්තේ ඊයේ (08) වනදා පැවති ඡන්ද විමසීම නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් සතුටුවන බවයි.
එමෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව දිගුකාලීන මිතුරන් බවත් එම මිත්‍රත්වය රැකගනිමින් ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.