09 January, 2015
පශ්චාත් මැතිවරණය සමයේ දිවයින පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මාධ්‍යය වෙත පවසා ඇත්තේ විශේෂයෙන්ම කොළඹ නගරය තුළ අද දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින ලෙසත් සාමකාමී බව ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා ඉල්ලා ඇති අතර දිවයින පුරාම ජංගම මුර සංචාරද සිදුකිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.