Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව ජනපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වෙයි

09 January, 2015

ඊයේ (08) පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කලේය.

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනය කල අතර ඔහු එහිදී පවසා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමෙහිලා සහයෝගය දුන් සෑම පාර්ශවයකටම සිය ස්තූතිය පුදකර සිටින බවයි. එමෙන්ම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතද මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ ස්තුතියක් පුදකර සිටියේය.

ඊයේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබාසිටි ඡන්දදායකයින් සංඛ්‍යාව 15044490 ක් වන අතර දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12314 කදී එම ඡන්ද විමසීම පැවැත්වින.

නව ජනාධිපතිවරයා අද පස්වරුවේදී ධූරයේ දිවුරුම්දීමට නියමිත බවයි වාර්තාවන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks