10 January, 2015
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවති දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක් ඉදිරිපිට මාර්ගවල විවිධ අපේක්ෂකයින්ට ඡන්දය ලබාදෙන සටහන් කරන ලද කුඩා පත්‍රිකා දමායෑම සම්බන්ධයෙන් පැෆ්රල් විදෙස් නිරීක්ෂකයින්ගේ නිරීක්ෂණයට ලක්විය.
අනුරාධපුර නගරයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක් ඉදිරිපිට අපේක්ෂකයින්ගේ නම් සහ සලකුණු සටහන් කල කුඩා ප්‍රමාණයේ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකාවල අනුරූ එම ස්ථානයන්හී දමා තිබී ඇති අතර වැරදි සලකුණුද අපේක්ෂක නම් ඉදිරියෙන් සටහන් කර තිබී ඇත.