Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඇමරිකානු ජනපතිවරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

10 January, 2015

සාර්ථක හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අගය කරන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පරාජයවීමෙන් පසු ඉවත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අප්‍රමාදව හා ක්‍රමානුකූලව බලය හැරයමින් මනා ආදර්ශයක් සැපයූ බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දක්වන සියලු දෙනාගේ බලාපොරොත්තුවල සංඛේතයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය දැක්විය හැකි බවයි.

එමෙන්ම මෙම බලාපොරොත්තුවේ නිමේෂයේදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හා එහි පාලකයන් සමග සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කරගන්නා බවත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලාංකිකයින්ට සාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් සවිමත්ව කටයුතු කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
 
www.whitehouse.gov/the-press-office/2015/01/09/statement-president-election-sri-lanka
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks