11 January, 2015
පසුගිය නොවැම්බර් 21 වනදා මග්ගොන ප්‍රදේශයේදී වත්මන් ජනාධිපති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ චමිල රූපසිංහ මහතාට වෙඩිතැබීමේ සිද්ධියට සම්බනන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පයාගල පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ධනුෂ්ක වීරක්කොඩි නම් කළුතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි.
ඔහු සන්ධානය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ඥාතියෙකු බව පැවසෙන අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් ආයුධය සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද සොයා පොලීසිය පරීක්ෂණ කරන බවයි වාර්තාවන්නේ.