Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

එක්සත්ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

11 January, 2015

නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ප්‍රසාදය පලකොට ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වෘදී ඇත්තේ ව්‍යවස්ථානුකූලව බලතල හුවමාරු කිරීම සම්බන්ධයෙන්ද තමා ප්‍රසාදස පලකරන බවයි.
 
බෑන් කී මූන් මහතා නිකුත්කොට ඇති නිවේදනය මගින් තවදුරටත් දක්වා ඇත්තේ විශ්වාසදායී හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම උදෙසා මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධෘරීන්ගේ වෘත්තීමයභෘවය පිළිබඳවද ප්‍රජාතන්ත්‍රවාදීව ධූරයෙන් නික්ම ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද සිය ස්තූතිය පලකරන බවයි.

තවද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන තන්ත්‍රය යටතේ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දක්වා ඇත.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks