12 January, 2015
පසුගිය 3 වැනිදා කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයා හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද රිමාන්ඩ් ගතකර ඇති බව වාර්තාවේ.
සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා නීතීඥවරයෙකු මාර්ගයෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවී තිබූ අතර මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කර තිබුණේ ලබන 20 වනදා දක්වා ඔවුන් රිමාන්ඩ් ගතකිරීමටයි.
එම වෙඩිතැබීමේ සිද්ධියට අදාලව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාද මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර එහිදී ත්‍රවාල ලැබූ එක් අයෙකු පසුගියදා මියගොස් තිබුනි.
මේ අතර පසුගියදා හලාවත බංගදෙනිය ප්‍රදේශයේදී සිදුවූ ගැටුමකදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු රිමාන්ඩ් ගතකරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නියෝගකොට ඇත.