13 January, 2015
නීත්‍යානුකූල දැනුම්දීමක් ලද විගස තමා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු බැවින් හිටපු ජනාධිපතිවරයාගේ ඉවත්වයාමත් සමගින් ආණ්ඩුකාරවරයා නව ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් ඉබේම පත්වන බවයි.
කෙසේ වෙතත් තමා වෙත තනතුරින් ඉවත්වන ලෙසට නීත්‍යනුකූල දැනුම්දීමක් මෙතෙක් සිදුකොට නොමැති බවත් කොබ්බෑකඩුව මහතා මාධ්‍යය වෙත පවසා ඇත.