Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌවේ බලය හුවමාරුවෙයි

14 January, 2015

ඌව  පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (14) දිවුරුම් දුන්නේය.

පසුගියදා ජනපතිවරණය අවසන්වීමෙන් පසු එම පළාත් සභාව තුළ බල පෙරළියක් සිදුව තිබූ අතර ඒ අනුව කල ඉල්ලීමකට පසු නව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේය.

‍පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා  මෙතෙක් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කලේය.

එම පළාත් සභාව තුළ මන්ත්‍රී ආසන 34 ක් පවතින අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ආසන 17 ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 15 ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 2 ක්ද හිමිව ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks