Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නිරීක්ෂණ සංවිධානවලට වැඩි ඉඩක් - මැතිවරණ කොමසාරිස්තුමා කියයි

19 January, 2015

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බවත් කෙසේ නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරකට වඩා වැඩියෙන් තිබෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග පැවති සාකච්ඡාවක් අමතමින් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදුන්නේ මැතිවරණ පත්‍රිකාවන්හි ගුණාත්මක තත්ත්වය වැඩිකොට මුද්‍රණය කල හැක්කේ ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව අඩුනම් පමණක් බවයි. සැබෑ ලෙස තරඟ නොකරන අපේක්ෂකයින් තරඟ කිරීම ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැවසීය.

අපේක්ෂකයින් සංඛ්‍යාව අඩුවන්නේ නම් නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙන ආකාරයට අකුරු විශාල කොට ලාංඡන විශාල කොට මුද්‍රණය කල හැකි බවත් දේශප්‍රිය මහතා එහිදී පෙන්වාදුන්නේය.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ 2016 වසරේ අප්‍රේල් මාසයේදී බවත් දින 100 ක් නොව දින 10 ක් ගිය තැන වුවද සිය දෙපාර්තමේන්තුවට ඡන්දයක් පැවැත්වීමට හැකි බවත් ඒ මහතා පැවසූ අතර ඉදිරි මැතිවරණවල ඡන්ද ගණන් කිරීමේදී නිරීක්ෂණ සංවිධානවලට වැඩි ඉඩක් ලබාදෙන බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks