19 January, 2015
වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා අද (19) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
බලල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ෆැක්ස් මගින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තාවී ඇති අතර ඔහු සිය කාර්ය මණ්ඩලයද කැඳවා ස්තූති කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාර කාර්යාලයෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තාවේ.