Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌවට මන්ත්‍රී ධූර දෙකක් අඩුවෙද්දී උතුරට හා දකුණට ධූර දෙකක් වැඩිවෙයි

22 January, 2015

2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1  බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

2013 වසරේ ඡන්ද නාමලේඛනය අනුව දිස්ත්‍රික් වශයෙන් තෝරාගත හැකිව තිබූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව මෙසේ 2014 ඡන්ද නාමලේඛනයට අනුව වෙනස්වී තිබෙන අතර ඡන්දහිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තුව සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව 196 කි.

පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් දක්වා ඇති ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාද මොණරාගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 5 දක්වාද අඩුවී ඇත.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 සිට 8 දක්වාද යාපනය දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාද වැඩිවී ඇති අතර 2014 වසරේ ඡන්ද නාමලේඛනයට අනුව සෙසු දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙහි වෙනස්කමක් සිදුව නොමැත.



 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks