22 January, 2015
හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාට සිය මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසට එම පක්ෂ පා.ම ජයන්ත කැටගොඩ මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීති අංශ දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යය වෙත පවසා ඇත.
එම මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව තමාට වාර්තාවක් ලබාදෙන ලෙස අදාල නීති අංශ වෙතින් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා ඇති බවයි.
මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ කැටගොඩ මන්ත්‍රීවරයා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ එකඟතාවය පලකර ඇති බවයි.