Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනාධිපති ශ්‍රීලනිපයේ සභාපති බවට තවම මට දන්වා නැහැ - මැතිවරණ කොමසාරිස්

23 January, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇති බව මාධ්‍යවල පලවී ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමාවෙත නිල දැනුම්දීමක් සිදුකර නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් මැතිවරණය කොමසාරිස්වරයා සඳහන් කොට ඇත්තේ මේ දක්වාම සිය දෙපාර්තමේන්තුවේ ලේඛනවල  ශ්‍රීලනිප සභාපතිවරයා වශයෙන් සටහන්ව ඇත්තේ හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම බවයි.

එමෙන්ම ලේකම්වරයා වශයෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම සටහන්ව ඇති බවත් මීට සති දෙකකට පමණ පෙරදී තමා වෙත ලැබුණු ලිපියක් මගින් දක්වා තිබුණේද ශ්‍රීලනිපයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් යනුවෙන් මැතිවරණ කොමසාරිවරයා මාධ්‍යය වෙත පෙන්වාදුන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks