25 January, 2015
දූෂණ චෝදනා ඇති මැති ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයකදී නාමයෝජනා ලබානොදීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තීරණයකොට ඇති බව වාර්තාවේ.
මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ වෙනුවට උගත් බුද්ධිමත් පිරිස් දේශපාලනයට කැඳවා ඔවුන් මැතිවරණවලට ඉදිරිපත් කිරීමට මෙන්ම දූෂණ හා අක්‍රමිකතා සිදුකිරීමට නොහැකි පරිදි නීති සම්පාදනය කිරීමටද රජයද පියවර ගෙන ඇති බවයි .
එමෙන්ම දැනට දූෂණ හා වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස්වලට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටද සෑම මන්ත්‍රීවරයෙකුටම අදාලව චර්යාධර්ම පද්ධතියක් සකස්කිරීමටද රජය පියවර ගෙන ඇති බවත් එම මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත.