26 January, 2015
පසුගියදා මිනුවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේ ගෙවත්තක අතහැරදැමූ ලිඳක තිබී හමුවූ ලිපිලේඛන අඩංගු ගෝනි 19 සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සිව්දෙනෙකු පත්කොට ඇති බව වාර්තාවේ.
එම ගෝනිවල තිබී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් ලිපිලේඛන වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පත්කොට ඇති නිලධාරීන් මේ වන විට මිනුවන්ගොඩ ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකුට අයත් ගෙවත්තක පාලු ලිඳක තිබියදී මෙම ලිපිලේඛන අඩංගු ගෝනි තොගය සොයාගත් අතර මේ වන විට එම ගෝනි තොගය මිනුවන්ගොඩ පොලීසිය භාරයේ පවතින බවයි වාර්තාවන්නේ.