27 January, 2015
නව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත හා ඌව පළාත වෙනුවෙන් මෙසේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දෙනු ලැබීය.
පසුගියදා දකුණු පළාත, වයඹ පළාත හා බස්නාහිර පළාත් වෙනුවෙන්ද නව ආණ්ඩුකාරවරුන් පත්කෙරින.
අද දිවුරුම් දුන් ආණ්ඩුකාරවරුන් පහත දැක්වේ.
එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා - උතුරු පළාත් ආණ්ඩුකාර
ඔස්ටින් ප්‍රනාන්දු මහතා - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
බී.එම්.ඒ.ආර්.පෙරේරා මහතා - සබරගමුව පළාත් ආණ්ඩුකාර
සුරංගනී එල්ලාවල මහත්මිය - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
පී.බී . දිසානායක මහතා - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
නීතිඥ එම්.පී.ජයසිංහ මහතා - ඌව පළාත් ආණ්ඩුකාර